ශ්‍රී ලංකා

ගලහිටියාව පාලම අසලින් හිස්කබලක් මතුවෙයි – මියගිය ප්‍රදීපාගේ දැයි සැකයක් !

ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට ගිය සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මියගිය පුද්ගලයෙකුගේ යැයි සැකසහිත හිස්කබලක් හමුවී තිබෙනවා.

අද (15) උදෑසන 10.30ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්. මුතුකුමාරණ මහතාට මෙම හිස්කබල හමුවූ බව සඳහන්.

ඒ අනුව එම හිස්කබල අංගොඩ දී මරා දැමුණු ප්‍රදීපා ද සිල්වා යන අයගේ හිස දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මහර මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු හිස්කබල ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කර අදාළ කාන්තාවගේ හිස දැයි තීරණය කරන බව පොලීසියේ ප්‍රකාශයෙකු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම කාන්තාව ඝාතනය කළ සැකකරුවන් කළ පාපොච්චාරණයෙන් පසු මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද පැවති අධික වර්ෂාව හේතුවෙන් හිස්කබල හමුනොවූ බවයි.

සපුගස්කන්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago