ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ජීවිතය අනතුරේ? නිල චාරිකාව අතරමග නවතා දමයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සිය සංචාරයේ කටයුතු අවලංගු කර හදිසියේ ම සිය රට බලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ කොළඹ පැවැත්වෙන ”අයෝරා” (IORA) ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීම සඳහායි.

කෙසේ වෙතත් ඔහුගේ සංචාරයේ දෙවැනි දිනයේ සියලු නිල කටයුතු අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා සවස ජනාධිපතිවරයා හමු වූ අතර එම අවස්ථාවේ දී දෙරට අතර ගිවිසුම් ගණනාවකට අත්සන් කළ බව සඳහන්.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වෙනම විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණා.

එහිදී ආන්දෝලනයට ලක්වූ චීන පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා ගමන ගැන සිය රජයේ විරෝධය ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ ඉදිරි චීන නිල චාරිකාවේදී මෙම නැවට අදාළ ප්‍රශ්නය සාකච්ඡා කර විසඳාගන්නා බවයි.

අඟහරුවාදා පස්වරුවේ ආචාර්ය ජයශංකර් මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී රටේ දේශපාලන තත්ත්වය ගැන මෙන්ම අනාගත ජනාධිපතිවරණය හා ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවද තොරතුරු විමසා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද එක්ව සිටියා.

කෙසේ වෙතත් පසුදිනට දේශපාලන සාකච්ඡා රැසකට එක්වීමටයි එස්. ජයශංකර් සැලසුම් කර තිබුණේ. ඉන් අනතුරු ත්‍රිකුණාමලයේ යෝජිත ආර්ථික කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ද ඔහු එක්වීමට අපේක්ෂාවෙන් සිටි බව සඳහන්.

කෙසේ වෙතත් හදිසියේ දෙවැනි දින සියලු නිල කටයුතු අවලංගු කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා හේතු දැක්වීමකින් තොරව රටින් පිට වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දියාවට ගිය පසු ඔහුට එරට ඉහළම පෙළේ ප්‍රභූවරුන්ට ලබාදෙන අධි ආරක්ෂක රැකවරණයක් ලබා දී ඇති බව ද සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago