කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ” ආදි ආනන්දීය 75 – 80″ කණ්ඩායම, ආදී ආනන්දීය වෛද්‍ය කවය සහ ආදී ආනන්දීය 125 සංවත්සර කණ්ඩායම විසින් 27 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ගුරුවරුන් සඳහා වන වෛද්‍ය කඳවුර 2023 ඔක්තෝබර් 22 වැනි ඉරිදා විද්‍යාල භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වෛද්‍ය කඳවුර වර්තමාන විද්‍යාලීය ගුරුවරුන් සඳහා මෙන්ම විශ්‍රාමික ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබේ.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරු 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම කඳවුරෙන් ගුරු මෑණිවරුන් හා පියවරුන් 300කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර කරනු
ලැබේ. තවද මෙහිදී රුධිරය හා ඊසීජි ඇතුළු රසායනාගාර පරික්ෂාවන්, විශේෂ පිළිකා පරීක්ෂාවන්, දන්ත සායනය, ඇස් පරීක්ෂාව, භෞත චිකිත්සක ප්‍රතිකාර සහ ආයුර්වේද වෛද්‍ය සේවයක් ද පැවැත් වේ.
මේ සඳහා සියලුම වර්තමාන හා විශ්‍රාමික ගුරුභවතුන් සදහා ගෞරවයෙන් ආරාධනා කරනු ලැබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…