ශ්‍රී ලංකා

වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි දරු උපතක් – කාසල් රෝහලේ සය නිවුන් දරුවන් දැඩි සත්කාරයේ !

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ උපත ලද සය නිවුන් දරුවන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර මහතා පවසනවා.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සය නිවුස් දරු උපත සම්බන්ධයෙන් අද දිනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ, බිළිඳුන් සියලුදෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන අතර ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් බවයි.

ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර

අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400ත් 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව ඒ පිළිබඳ කටයුතු කරගෙන යනවා. නමුත් මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ අපි හැමෝම හිතන්නේ නැති සමාජය දැනුවත් නැති හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි කෘත්‍රිම දරු උපත් සිදුකරනකොට ලෝකේ නියාමනයක් තියෙනවා. අපිට වෛද්‍ය ආචාර ධර්ම තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, අපේ ඒකකයටත්, රටටත් සහ මේ පවුලටත් ඉතාමත් ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘත්‍රිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ උපරිම වශයෙන් කලල දෙකක් තමයි තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. ඒ කලල කිහිපයක් තැන්පත් කළාම තමයි මේ වගේ විශාල ප්‍රමාණයක් දරුවන් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. සමාජය සහ හැම දෙනාම දැනුවත් විය යුතුයි.. මේ නියාමනය අපේ රටේ සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි ගොඩක් මහන්සි වෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්වීම සහ උදව් මේ දේවල් ඉදිරියට ගෙනි යන්න අවශ්‍යයි.. ඒක එහෙම නැති වුණොත් මේ දරුවන් හය දෙනාගේම් ජීවිත මේ වනකොට ඇත්තටම අවදානම් මට්ටමේ තියෙන්නේ.. මම දකින විදිහට මේක සමාජයට ගෙනිහිල්ලා සමරන්න අවස්ථාවක් නෙමෙයි.. අපි මෙය සැමරිය යුත්තේ මේ දරුවන් 06 දෙනා ජීවත් කරගෙන ගෙදර යන අවස්ථාව අපිට සමරන්න පුළුවන්

ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර – කාසල් වීදියේ කාන්තා රෝහල‍‍
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago