අද ( 17) උදෑසන වනවිටත් හමාස් අත් අඩංගුවේ ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රයාලයේ දී අතුරුදහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව අනුලා ජයතිලක, හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දහවල් නිවේදනය කර ඇත.
ඊශ්‍රයාල බලධාරීන් ඒ මරණය නිල වශයෙන් තහවුරු කළේ යැයි තානාපති කාර්යාලය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.
වාර්තාව අනුව දින දෙකක් තුළ ඇයගේ දේහය ඊශ්‍රයාල බලධාරීන් විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් පසුගිය සතියේ 7th NEWS වෙබ් අඩවියේ පලවුන වීඩියෝවක් අනුව අනුලා ජයතිලක ජීවතුන් අතර සිටින බවට පවුලේ පිරිස් දැඩි ලෙස විශ්වාස කර එය විදේශ කටයුතු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාරයාංශයට, ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යොමු කර තිබිණි.
එහිදී ඇය පසුගිය වසරේ ලංකාවට පැමිණි පසු ඇයට තෑගි ලැබී තිබුණ බ්ලව්සයකට සමාන ඇඳුමකින් සැරසී කොණ්ඩය තනි කරලක් සේ ගොතාගෙන සිටින කාන්තාවකගේ නොපැහැදිලි චලන රූපය ඇයගේ බව පවුලේ උදවිය කීහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…