ශ්‍රී ලංකා

රූමත් නීතිඥවරියක ගැන සිතක් පහළ වූ සැකකරුවෙක් ගලගෙදර උසාවියේ නඩුවක් විභාග වෙද්දී රැඳවුම් මැදිරියෙන් පැන විත් උසාවිය මැද ගෙල සපා කාලා !

ගලගෙදර දිසා අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී සිර මැදිරියෙන් පැනගත් සකකරුවෙක් විවෘත අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම පැමිණි නීතිඥවරියක බිම පෙරළාගෙන තදින් වැළඳගෙන ඇයගේ ගෙල ප්‍රදේශය සපා කෑ සිද්ධියක් ගලගෙදර දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (17) වාර්තා විය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත පෙරේදා (16) පස්වරුවේ ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඊයේ (17) ගලගෙදර අධිකරණයට රැගෙන විත් සිටියේය.

සැකකරුගේ නඩු විභාගය හමාර කර අධිකරණය ඔහුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමට නියෝග කළේය.

තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ ඔහුව තබා තිබිණි. ඒ අතර වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු එම රැඳවුම් කුටියෙන් ඉවතට ගනිද්දී මෙම තැනැත්තා යකඩ දොර තල්ලු කර දමා දිවවිත් නීතිඥවරිය තදින් වැළඳගෙන ඇයව බිම පෙරළාගෙන තිබේ.

එම ග්‍රහණය කොතරම් ප්‍රබල දැයි කිවහොත් ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරින් හා නීතිඥවරුන් එක්ව සැකකරුගේ ග්‍රහණයේ සිටි නිතිඥවරිය මුදා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන ඇත.

ඒ අතර මෙම සැකකරු නීතිඥවරියගේ ගෙල ප්‍රදේශ සපා කා තිබිණි. කන්දකාඩු යන්න සිටි සැකකරු දැන් විනිසුරුවරයා ඉදිරියේම කාන්තාවකට අතරවර කිරීමෙන් අධිකරණයට අපහාස කර තිබිණි.

විනිසුරුවරයා මේ පුද්ගලයාගෙන් මෙම හැසිරීම නිසා අධිකරණයට අපහාස අපහාහස වී ඇති බව දන්වා, එම චෝදනාවට සැකකරුගෙන් කරුණු විමසුවේය.

සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇය වැළඳගෙන ගෙල හපා කෑ බවත්ය.

අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේම (17) සැකකරු ලබන 25 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

බෙල්ල සපා කෑමෙන් තුවාලලත් නීතිඥවරිය ගලගෙදර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.

ගලගෙදර කළුවානේ පදිංචි ලලිත් සඳරුවන් නැමති මෙම සැකකරු ප්‍රදේශයේ තරුණියන් බොහොමයකට හිංසා පීඩා ඇති කරන බවටත් දුටු සැනින් කාන්තාවන් සිය ග්‍රහණයට ලක් කර ගන්නා බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව ගලගෙදර පොලිසිය පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago