සෞඛ්‍ය

ඇස් රෝගයට අමතරව පාසල් සිසුන් අතර තවත් රෝග දෙකක් පැතිරෙයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක් !

අක්ෂි රෝගයට අමතරව, මේ වනවිට පාසල් සිසුන් අතර, උණ සමග පාචනය රෝගය ද පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

පාසල් ළමයින් අතර පැතිර යන ඇස් රෝගය මේ දිනවල බහුල වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක් ද සිදුකරනු ලැබුවා.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හදුන්වන මෙම රෝගය වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර, ඇස්වල වේදනාව, කඳුලු ගැලීම, රතු වීම සහ ඇස් කැසීම එහි රෝග ලක්ෂණයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පාසල්වලින් මෙම අක්ෂි රෝග තත්ත්වය වාර්තා වී තිබුණා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ කිසියම් අක්ෂි රෝගයක් තිබේනම් දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසටයි.

මේ අතර, අක්ෂි රෝගයට අමතරව පාසල් සිසුන් අතර අද වනවිට උණ රෝගයක් ද පැතිර යන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

13 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

15 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

17 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

18 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

20 hours ago