ශ්‍රී ලංකා

කොත්මලේ වෑතලාව ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසුණු අද්භූත ශබ්දය පිලිබඳ අනාවරණයක් !

කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් (19) දින සිදු කෙරිණ.

පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයෙ පොළොවෙන් මහා විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකය නිලධාරීන් නිළ වශයෙන් පැමිණෙන තුරු ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණින් භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කෙරිණ.

මෙහිදී ආන්දෝලනයට තුඩුදුන් භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කලේය.

පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර, එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත්, ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මානය විය හැකි ප්‍රවණතාවයක් ඇති බවද මහාචාර්යවරයා පැවසිය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නිල වශයෙන්ම භූමිය පරීක්ෂාකර භූ විද්‍යා හා පතල් කැනීමේ ඒකකයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා , කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා සහ ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියා.

Ceylon News Factory

View Comments

  • මෙතුමාට වඩා මේ පිළබඳව දැනුමක් ඇති කෙනෙක් ඔය භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ ඉන්නවා ද?

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago