සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට අද සිට සති හතරකට පාර්ලිමේන්තුව තහනම් කර තිබෙනවා.
ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වයත් සමගයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට යොමුකළ පැනයකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අජිත් මාන්නපේරුම මන්ත්‍රීවරයා උණුසුම් ලෙස හැසිරීමට උත්සාහ ගෙන තිබුණා.
තත්ත්වය පාලනය කිරීම සදහා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල් තැබීමටයි කතානායකවරයා කටයුතු කළේ.
පසුව විනාඩි 10 කට පසු පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ සෙංකෝලය ස්පර්ශ කිරීම තුළ බරපතල විනය විරෝධී කටයුත්තක් සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට අද සිට සති 4 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…