පූජාපිටිය ප්‍රදේශයේ විවෘත කරන ලද නව මත්පැන් අලෙවි හලකට එරෙහිව පැවැති ගිහි පැවිදි විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
අද (22) උදෑසන සිට දහවල් දක්වා මත්පැන් අලෙවි හල ඉදිරිපිට විරෝධය පැවති අතර මේ සඳහා ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මෙන්ම අන්‍යාගමික පූජ්‍ය, පූජක වහන්සේලා ද එක්ව සිටියා.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ජනතාවට ජීවන බර දරාගැනීමට නොහැකි අවස්ථාවේ මත්පැන් අලෙවිහල් විවෘත කිරීමෙන් ආර්ථිකය තවතවත් කඩාවැටීමට ලක්වී ප්‍රදේශයේ දැඩි ආරාවුල් මෙන්ම ජන ජීවිතයද අවුල් සහගත තත්වයක් උද්ගතවන බවයි.
විරෝධතාවය සඳහා දහම් පාසල් නියෝජනය කරමින් දරු දැරියන් පවා එක්ව සිටි අතර විරෝධතාවයට එක්ව සිටි පිරිසක් පූජාපිටිය මහනුවර මාර්ගය වසා දැමීමට උත්සාහ කළද පොලිස් නිලධාරීන් එක්ව එම උත්සාහය ව්‍යර්ථ කළා.
ප්‍රදේශවාසීහු සඳහන් කළේ මත්පැන් අලෙවිහල වසා දමන තුරු මෙම විරෝධතා පවත්වන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…