ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය ඇතුළත් මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක ඇරින්ඩම් ඹග්චි පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය සහ පලස්තීන ජනපතිවරයා අතර පැවති දුරකතන සංවාදයකදී අග්‍රාමාත්‍යවරයා පලස්තීන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, ඉන්දියාව පලස්තීන ජනතාවට මානුෂීය ආධාර දිගටම එවන බවයි ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර ටොන් 6.5 කට ආසන්න ප්‍රමාණයක් සහ ආපදා සහන ද්‍රව්‍ය ටොන් 32 ක් යවා ඇති බව සඳහන්.
වෛද්‍ය සැපයුම්වලට අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖශධ සහ හදිසි වෛද්‍ය තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කරගත් ආරක්ෂිත සහ ශල්‍ය ද්‍රව්‍ය ඇතුළත් වනවා.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ප්‍රවාහන ගුවන් යානයකින් මෙම ආධාර තොග ඊජිප්තුවේ El-Arish ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…