ශ්‍රී ලංකා

අවුරුදු 05ක් තිස්සේ රඳවාගෙන සිටියේ වෙනම කණ්ඩායමක්, ඔවුන් දේපලත් ලියාගෙන – ලලිත් කොතලාවලගේ මරණය සැක බවට බිරිඳගෙන් පැමිණිල්ලක් !

ප්‍රබල ව්‍යාපාරිකයෙක්ව සිටි අභාවප්‍රාප්ත ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ පාර්ශවයෙන් සිදුකළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (22) නියෝග කර තිබිණි. මරණය සැක සහිත බවට වූ පැමිණිල්ල බම්බලපිටිය පොලිසියට සිදුකර තිබුණේ ලලිත් කොතාලවල ගේ බිරිය වන සිසිලියා කොතලාවලගේ වැඩිමහල් සහෝදරිය වූ ෂෙරීන් ප්‍රනාන්දු (84) විසිනි.

අවසන් වකවානුවේ සිය බම්බලපිටිය නිවසේ ලලිත් කොතලාවල ඔහුගේ සේවකයන් කීප දෙනෙක් සමග වෙනම ජීවත් වූ බවත් සිසිලියා කොතලාවල බම්බලපිටිය ප්‍රදේශයේම වෙනත් නිවසක වෙන්ව ජීවත් වූ බවත් හෙළි වී තිබේ.

පැමිණිලිකරුවන් පවසා ඇත්තේ ලලිත් කොතලාවල වෙනම කණ්ඩායමක් විසින් අවුරුදු පහක් තිස්සේ රඳවාගෙන සිටි බවය.

මෙම කණ්ඩායම ලලිත් කොතලාවල සතුව තිබූ වටිනා දේපල කූඨ ආකාරයෙන් තමන් සන්තක කරගෙන ඇති බවට ද පැමිණිලිකාර පාර්ශවය දන්වා ඇත.

පවුලේ පාර්ශවය වෙනුවෙන් ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බව අධිකරණයට දන්වා ඇත්තේ හෆීල් ෆාරිස් සහ සංජීව කොඩිතුවක්කු නීතිඥවරු විසිනි.

මේ සමගම මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් අද (23) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිටත් ලලිත් කොතලාවලගේ මෘත දේහය පුද්ගලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ශ්‍රි ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක්ව සිට පසුව ව්‍යාපාර ජාලයම බිඳ වැටීමෙන් අනතුරුව ඔහු නිහඬ ජීවිතයක් ගත කරමින් සිටියේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago