නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පන්ති රැල්ලක් නිර්මාණය වි තිබීම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායකගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙනවා.
මේ අනුව ඉරිදා දිනවල පස්වරු 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පන්ති පැවැත්විම මෙලෙස තහනම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති අතර ඒ සදහා පොලිසියේ හා අදාල පලාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්රලේඛයෙන් උපදෙස් ලබාදි තිබෙනවා.
මෙම උපදෙස් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, කන්තලේ, අම්පාර, මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මෙය ලංකාවේම බලපැවැත්විය යුතුය