ශ්‍රී ලංකා

කැනඩාවේ දී බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් !

කැනඩාවේ මහා මාර්ගයකදි සිය බිරිදට පහර දී මරා දැමූ බවට චෝදනා ලද මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙක් උක්ත අපරාධයේ වැරදි කරු බව තීරණය වීමෙන් පසු කැනඩා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් පනවා තිබේ.

2019 සැප්තැම්බර් මස 23 වෙනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ඇයව මරා දැමීමට ප්‍රධාන හේතුව විත්තිකරු විසින් තවත් කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සබදතාවයක් බවට අධිකරණයේ දී තොරතුරු හෙළිදරව් වී තිබේ.

විත්තිකරු බිරිය මරා දැමීමෙන් පසුව එම අනියම් ඇසුර පවත්වා ගෙන ගිය කාන්තාව සමග ජීවත් වී තිබේ.

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි දර්ශිකා ජෙගනාදන් නැමති කාන්තාව සමග විත්තිකරු 2015 දී ඉන්දියාවේදී විවාහ වී පසුව දෙදෙනාම කැනඩාවට ගොස් තිබේ.

සසිකරන් තනපාලසිංහම් නමති විත්තිකරු සිය බිරිය සමග බසයකින් ගමන් කොට රථයෙන් බිමට බැසීමෙන් පසු මහ පාරේදීම පහර දී බරපතල සිදුකර තිබේ.

අනතුරුව කාන්තාව රෝහල් ගත කර ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර කැනඩා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති නඩු විභාගයේදී ඔහුට මරණීය දඩුවම හිමිව ඇත.

කැනඩාවේ එල්ලස්මියර් නගරයේ මොරිස් පාරේදී සිදු වූ මෙම පහර දීම අසල වූ සී.සී.ටී.වී කැමරාවක සටහන් ඇත.

මෙම නඩුවේ ප්‍රධාන සාක්කිය වශයෙන් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ එම කැමරා දර්ශන හා ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago