Israel-Hamas War – හමාස් සංවිධානය ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රයාල ජාතික වියපත් මාතාවන් දෙදෙනෙක් නිදහස් කරයි !

දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 වන දින ප්‍රාණ ඇපයට ගත් 200කට අධික ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කළ බව හමාස් සංවිධානය නිවේදනය කළේය.

පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායමේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිඩා Telegram පණිවඩියක් මගින් දන්වා තිබුණේ මානුෂීය සහ දුර්වල සෞඛ්‍ය හේතුන් මත ඔවුන් නිදහස් කිරීමට තීරණය කළ බවය.

79 හැවිරිදි Nurit Cooper සහ 85 හැවිරිදි Yocheved Lifshitz නැමැති මෙම කාන්තාවන් දෙපළ ඊශ්‍රායල හමුදාවට භාර දුන් පසු ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යන බව ඊශ්‍රායල අගමැති කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම වියපත් කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයින් හමාස් සංවිධානය විසින් තවමත් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය කියයි.

ගාසා දේශසීමා ආසන්නයේ කිබුට්ස් නිර් ඕස් ප්‍රදේශයෙන් මෙම කාන්තාවන් දෙදෙනාත් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් හමාස් සටන් කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබිණි.

සිකුරාදා ඇමරිකානු කාන්තාවක් සහ ඇගේ දියණිය නිදහස් කිරීමෙන් පසු හමාස් සටන් කරුවන් මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා නිදහස් කළේය.

ඊශ්‍රයාලය වෙනුවෙන් පෙනී සිටියත් හමාස් සංවිධානය ඇමරිකානු ජාතික ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් පසුගිය සිකුරාදා නිදහස් කිරීමත් සමග ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා වඩාත් සංවාදශීලී ප්‍රවේශයකට පැමිණෙන ලෙස පෙන්ටගනය, ධවල මන්දිරය, සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රයාලයෙන් පුද්ගලික ඉල්ලීම් වැඩි වශයෙන් සිදුකර ඇති බව රොයිටර් වාර්තා කරයි.

නිදහස් කළ කාන්තාවන් දෙදෙනා හමාස් සටන් කරුවන් සමග
නිදහස් කළ ප්‍රාණ ඇපකාර කාන්තාවන් දෙදෙනා
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago