ක්‍රිකට්

World Cup 2023 – එංගලන්තයට එරෙහි තරගයට ඇන්ජලෝ මැතිව්ස් කැඳවයි?

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට කැඳවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ තුන් ඉරියව් ක්‍රීඩක භූමිකාව ශක්තිමත් කිරීම සඳහායි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 05 වැනි තරගය එංගලන්තයට එරෙහිව බැංගලෝර්හිදී අනිද්දා (26) පැවැත්වීමට නියමිතයි.

උරහිසේ ආබාධයක් හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලිය අහිමිව ඇත.

ඔහු වෙනුවෙන් මැතිව්ස් පහළොස්දෙනාගේ සංචිතයට කැඳවීමට නියමිත අතර, ඒ අනුව මැතිව්ස් අංක 06 පිතිකරු ලෙස පන්දුවට පහරදීමට සූදානම් බව පැවසෙනවා.

මැතිව්ස් එංගලන්තයට එරෙහි ක්‍රීඩා කරන සංචිතයට පැමිණියහොත් චාමික කරුණාරත්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය පැවැසූවේ මතීෂගේ ආබාධ තත්ත්වය පිළිබඳ අයිසීසී තාක්ෂණික කමිටුවට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධ අනුමැතිය ලැබුණු වහාම සංචිතයේ වෙනස්වීම ප්‍රකාශයට පත් කරන බවය.

මතීෂ පතිරණ දින 10ක විවේක කාලයකට යටත් කොට තිබූ අතර, වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහුට තවදුරටත් විවේකය අවශ්‍ය බවය.

එහෙයින් ඔහුගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා අයිසීසී තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago