කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙනයන නව ජය ගඟේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටිම නිසා ඉපලෝගම අළුත් අක්කරය ප්‍රදේශයේදී කලාවැව නව ජයගගේ බැම්මට බරපතළ හානි සිදුව තිබෙනවා.
ඉකුත්දා ඇද හැළුනු වර්ෂාවත් සමග ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදුවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශයේ ගම්මාන රැසක් සදහා ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගග බැම්මයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ මීට දින තුනකට පමන පෙර පැවැති වැසි සහිත අවස්ථාවක එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටුනු බවයි. ඒ හේතුවෙන් එම ස්ථානයෙන් ජය ගග බැම්මට ද විශාල ලෙස හානි සිදුව තිබෙනවා.
බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාලුවට ද ලක්වෙමින් පවතින අතර මේ වනවිට වගාවන් සදහා අවශ්‍ය ජලය ද ජය ගග ඔස්සේ නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව මේ දිනවල ජයගගේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගමන් කරමින් තිබෙන අතර එමගින් අදාල ස්ථානයේ සෝදා පාලුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවතිනවා.
මෙම හානිය සිදුව ඇති එම ස්ථානයේ ඇල බැම්ම ද ස්ථාන කිහිපයකින් පුපුරා ගොස් ඇති අයුරුදු දක්නට ඇති අතර ඊට යාබද තවත් ස්ථානයකදී මීට වසරකට පමණ පෙරද මෙලෙසම බැම්මේ තිබූ විශාල ගසක් ඉදිරී වැටී එම ස්ථානයෙන් ද බැම්මට හානි සිදුව ඇති බවත් එම ස්ථානයද මෙතෙක් අලුත් වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බවයි වාර්තා වෙන්නේ.
ඉපලෝගම අලුත් අක්කරය ප්‍රදේශයේ දී කලාවැව ජය ගගේ බැම්මට සිදුව ඇති මෙම හානිය හා ඉන් ජනජීවිතවලට මතුව ඇති අවධානම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දන්වා ඇතත් ඒ සදහා මෙතෙක් එම බලධාරීන් ආරක්ෂිත වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක නොකළ බවට ද එම ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබනවා.
බැම්ම කැඩී ගිය ස්ථානයේ ප්‍රදේශවාසීන් විසින් තාවකාලිකව ඉදිකළ අනතුරු ඇගවීමේ කුඩා වැටක් පමණක් මේ වනවිට දක්නට ලැබෙනවා.
අදාල ස්ථානයේ මතුව ඇති අවධානමත් සමග එම බැම්ම ඔස්සේ වැටී ඇති මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා කුඩා දරුවන් ඇතුලු පිරිසගේ ජීවිත ද අවධානමකට ලක්ව ඇති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ එම ස්ථානයෙන් බැම්මට හානි සිදුවුවහොත් ගම්මානයේ පවතින නිවාස රැසක් ද ජයගගේ ජලය පිටාර ගැලීමෙන් යටවන බවයි. එපමණක්ද කොව එසේ සිදු වුවහොත් වගා බිම්වලට මෙන්ම අනුරාධපුරය දක්වා ජලය රැගෙන යාමද ඇනහිටින බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මිනිස් ජීවිත මෙන්ම වගා බිම්ද අවධානමට ලක්කරමින් බැම්මට සිදුව ඇති මෙම හානියට කඩිනමින් පිළියම් යොදා ජීවිත අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් විසින් මහවැලි අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Kohomba is not the right tree to plant along canal banks. However the roots of Kumbuk tree strengthen banks
Kohomba is not the right tree to plant along canal banks. However the roots of Kumbuk tree strengthen banks