අමෙරිකාවේ ලුවිස්ටන් – මේන් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් තවත් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂණ මෙහෙයවන අතර, ඔහුගේ ඡායාරූපයක් ප්‍රාන්ත පොලිස් X පිටුවේ පළ කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 40 හැවිරිදි ‘රොබර්ට් කාර්ඩ්’ ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පැමිණි මෝටර් රථය ලුවිස්ටන් ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම වාර්තා වන මේන් ප්‍රදේශයේ මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනතාවට තම නිවාස තුළටම වී සිටින ලෙස ආරක්ෂක අංශ උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
අද දිනයේ මේන් ප්‍රදේශයේ සියලුම පාසල් වසා තැබෙන බව මේ වන විට නිවේදනය කර ඇති අතර, අමෙරිකානු ජනපති නව තොරතුරු අපේක්ෂාවෙන් පසුවන බවත්, අගතියට පත් පාර්ශවයන්ට අවශ්‍ය සහන ඉක්මනින් සැලසීමට කටයුතු කරන ලෙසත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…