ශ්‍රී ලංකා

ගුරු විදුහල්පති විරෝධතාවයට කඳුළු ගෑස් එල්ල කළ රජයේ ඇමතිවරු ප්‍රතික්ෂේප කරන පළමු විරෝධය ඉබ්බාගමුවෙන් – ක්‍රීඩා ඇමති ඇතුළු දේශපාලකයෝ පාසල ලඟින් හැරී එති !

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ තණ පිඩලි ඇල්ලීමේ දෙවැනි අදියර උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට පැමිණි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ට ඊයේ (25) උදෑසන එල්ල වූ විරෝධතාවයක් නිසා උත්සවයට සහභාගී නොවී ආපසු හැරී එන්නට සිදු වී තිබේ.

ඇමතිවරයා සමග ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ සුමිත් ඇතුළු දේශපාලකයින් පිරිසට මෙම දැඩි විරෝධය එල්ල වී තිබුණේ විදුහලේ ගුරුවරුන්ගෙනි.

විදුහලේ සියලුම ගුරුවරුන් පාසලෙන් එළියට පැමිණ මෙම විරෝධතාවය දක්වන්නේ ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව රජයට පිළිකුල් සහගත විරෝධය ප්‍රකාශ කිරීම සඳහාය.

ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය පිළිකුල් සහතගතව හෙළා දකින බවත්, පාසල් දේශපාලනීකරණය කිරීම අනවශ්‍ය බවත් දක්වන විරෝධතා පුවරු සහිතව ඇමතිවරයා පැමිණෙන අවස්ථාවේ දී විදුහලේ ගුරුවරු විදුහල ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කර තිබුණහ.

මතු වී ඇති දැඩි විරෝධතාවය හේතුවෙන් පාසල අසලට පැමිණි ඇමතිවරයා ප්‍රමුඛ දේශපාලකයින් හැරී ගොස් තිබුණු අතර ක්‍රීඩා පිටියේ දෙවැනි අදියර ආරම්භ කිරීම රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී ආරම්භ කර තිබු බවද වාර්තා වුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago