ශ්‍රී ලංකා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක්? ආරක්ෂාව තර කෙරේ (VIDEO)

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් ක්‍රියාත්මක කර තම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ ව මුදාගෙන යෑමේ සූදානමක් ඇතැයි තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය (24) දැනුම්දී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ හා සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරක් අනුව මේ බව හෙළිවී තිබේ.

මෙම සූක්ෂම සැලසුම සඳහා දායකත්වය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කරන හඬපට ද අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන ඇත්තේ, අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විනය හේතුන් මත යුද හමුදාවෙන් ඉවත් කර ඇති බවය.

එමෙන්ම පුද්ගලයින් සිහිසුන්වන විෂ දුමක් යොදා, පොලිස් නිලධාරීන් සිහිසුන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස් නිල ඇඳුමින් සැරසී ඇතුළුවීමට සූදානමින් සිටි බව අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

එම භටයන් ප්‍රහාර එල්ල කරන අයුරින් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සූදානමින් සිටි බවද ඔවුන් පවසා ඇත.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ හරක් කටාගේ සමීපතමයෙකු වන විදෙස්ගතව සැඟව සිටින මිදිගම චූටි පෙර පරිදිම හරක් කටාව හා කුඩු සළිඳුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් මුදාගෙන යෑම සඳහා මෙම ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

මේ අතර උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තරකර තිබේ.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවන කණ්ඩායමක් ද යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අක්‍රීයව පැවැති සීසීටීවී කැමරා පද්ධතිය ද මේ හේතුවෙන් යළි ස්ථාපිත කර තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago