පසුගිය දා පැවති නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී විභාග නීති උල්ලංඝණය කරමින් ප්‍රශ්නවලට අදාල පිළිතුරු සහිත සටහන් තොගයක් ලඟ තබාගෙන සිටි දකුණේ සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයක් සම්බන්ධව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුවෙනි. එම විශේෂ තරග විභාගය සඳහා වඩාත් දැඩි විභාග කොන්දේසි පනවා තිබේ.
එවැනි වටපිටාවක මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් සමග විභාග ශාලාවේ දී හෙළිදරව් වීමත් සමග ආරම්භ කර ඇති පරීක්ෂණය වළක්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදෙමින් ඇතැයි වාර්තා වේ.
අයුක්තිය අසාධාරණය මත්ද්‍රව්‍ය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශාල හඬක් නගන මෙම මන්ත්‍රීවරයා මාධ්‍ය සමග ද සමීප ගනුදෙනුවක් ඇති සුදු චරිතයක් සේ පිළි ගැනීමක් සහිතය.
කෙසේ වෙතත් මේ වනවිට මාධ්‍යයේ මේ ප්‍රවෘත්තිය පළවීම වළක්වා ගැනීමට ඔහු දැඩි උත්සාහයක නිරත වෙමින් ඇති බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව පැවැත්වෙන විමර්ශන කටයුතු නිසි අයුරින් පවත්වාගෙන යනු දැකීමට රජය පාර්ශවයෙන් දැඩි උනන්දුක් ගන්නා බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…