ක්‍රිකට්

මිලියන ගණනක් වියදම් කරමින් රුපියල් බිලියන 06ක් වන්දි ඉල්ලා ෂම්මි සිල්වා අර්ජුනට දැම්ම අපහාස නඩුව විසි වෙයි !

තමන්ට අපහසා කළ බව පවසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුණ රණතුංගට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද රුපියල් බිලියන 06ක අපහාස වන්දිය සහ අර්ජුන රණතුංගට එරෙහි අතුරු තහනම් නියෝගය ලබා දීමට අදාල නඩුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් පසුගිය (23) නිශ්ප්‍රභා කළේය.

මෙම නඩුව සඳහා ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටියේ මේ රටේ කීර්තිමත්ම නීතිඥ කණ්ඩායමකි.

නීතිඥ සංජේ ෆොන්සේකා, නීතිඥ පසිඳු බණ්ඩාර, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වාගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් පැමිණිලිකාර ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටියේය.

අර්ජුන රණතුංග වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ නිරෝෂා හේරත්, නීතිඥ අමා කරුණාරත්න, නීතිඥ චතුසලා ජයසිංහ, සහ නීතිඥ ප්‍රසාද් සිරිමාන්න සමග අධි නීතිඥ අතුළ බණ්ඩාර හේරත්ය.

පසුගිය කාල සීමාව තුළ රුපියල් කෝටි තිහක් පමණ මුදලක් ක්‍රීඩා ඇමතිට, මාධ්‍යකරුවන්ට සහ විශේෂ පුද්ගලයින්ට එරෙහි නඩු සඳහා නීතිඥ ගාස්තු ලෙස පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බව වාර්තා විය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago