අමෙරිකාවේ ලුවිස්ටන් – මේන් ප්‍රදේශයේ සිදුවූ සමූහ වෙඩි තැබීමෙන්, පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 13 දෙනෙකුට තුවාල සිදුව ඇති බව බී.බී.සි. පුවත් සේවය පවසනවා.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු 40 හැවිරිදි ‘රොබර්ට් කාර්ඩ්’ ලෙස ප්‍රාන්ත පොලීසිය හඳුනාගත් අතර, ඔහු අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ආරක්ෂක භටයෙකු බවත් සඳහන්. මේ වන විට ඔහුව සෙවීමේ මෙහෙයුම දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
පොලිසිය පවසන්නේ රොබට් කාඩ්, සන්නද්ධ හා භයානක වන අතර ආරක්ෂාව සඳහා තම නිවෙස් තුළ නවාතැන් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
වෙඩි තැබීම ලුවිස්ටන් කුඩා නගරයේ පන්දු යැවීමේ මංතීරුවක දී ආරම්භ වූ බව පොලීසිය පවසනවා.
එහිදී එක් කාන්තාවක් සහ පිරිමි 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිනිත්තු 10 ක් පමණ ඇතුළත, අසල අවන්හලක් වන Schemengees Bar & Grille වෙතින්ද වෙඩි තැබීමක් වාර්තා වූ අතර, තවත් පුද්ගලයින් අට දෙනෙකුට ද වෙඩි තබා තිබෙනවා. මේ අතර, ලුවිස්ටන් සහ ඒ අවට නගර තුනක ආරක්ෂාව දැඩි කර පාසල් මෙන්ම බොහෝ ප්‍රාදේශීය ව්‍යාපාර වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. ඇහැටුවැව මුදියන්නෑගම ගාලයාය…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු…
මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස…
පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද…