ශ්‍රී ලංකා

පුද්ගලයින් 23 දෙනෙකු රෝහල්ගත කල පිටකොටුවේ ගින්නට හේතුව හෙළිවෙයි (VIDEO)

පිටකොටුව දෙවැනි හරස්වීදියේ සය මහල් ගොඩනැගිල්ලක අද (27) පෙරවරු 09.30ට පමණ ගින්නක් හටගෙන තිබිණි.

රෙදිපිළි අලෙවිසලක් මෙලෙස ගිනිගැනීමට ලක් ව තිබූ අතර, වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

පසුව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගෙන තිබිණි.

ඒ, ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය ඇතිවයි. ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ද පියවර ගෙන තිබිණි.

පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ. ඉන් 6 දෙනෙකු දැඩි සත්කාරයට ඇතුලත් කොට තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය.

කෙසේ වෙතත් අලෙවියට තබා තිබූ සාරි ඇතුළු රෙදිපිළිවලට සහ ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු ව තිබුණු බව වාර්තා වේ.

අද පස්වරුව වන විට ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නට හේතුව අනාවරණ කරගැනීමට පොලිසියට හැකි වී තිබේ.

පොලිසිය පැවසුවේ, අද උදෑසන වෙළෙඳසල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago