World Cup 2023

World Cup 2023 – බෙන් ස්ටෝක්ස්ගේ ආන්දෝලනාත්මක ජායාරුපයක් පිටවෙයි – තහනම් උත්තේජක අරන් ද?

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ශ්‍රී ලංකාව සමඟ තරගයට පෙර පුහුණු සැසියකදී ආශ්වාසයට පහසුවන ‘ඉන්හේලරයක්’ භාවිතා කරන අයුරු දක්නට ලැබිණි.

එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණයවීමත් සිදුවීමත් සමඟ ඔහු ගැන නොයෙක් වාද විවාද ආරම්භවී තිබේ.

මේ එංගලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා පසුගිය කාලයේ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි අතර, කලින් දණහිසේ ආබාධයක් සහ පපුව ආසන්නයේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

එයින් පසු ස්ටෝක්ස් පුහුණුවීම් කරන අතරතුර ආශ්වාසයට පහසුවන ‘ඉන්හේලරය’ භාවිතා කරනු දැක ඇදුම රෝගයෙන් පෙළෙන්නේ ද යන්න බොහෝ දෙනා අනුමාන කළහ.

එහෙත් මේ පිළිබඳ සොයා බැලීමේදි බෙන් ස්ටෝක්ස් ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නැති බව තහවුරු විය.

සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අධික ව්‍යායාමවලින් පසු හුස්ම හිරවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ‘ඉන්හේලර්’ බහුලව භාවිතා කරති.

මේ අතර ඔහුගේ ඉන්හේලර් භාවිතය හේතුවෙන් තහනම් උත්තේජක පිලිබඳ කතා බහක් ද නැවත ඉස්මතු වී තිබුණි.

කෙසේ වෙතත්, ‘ඉන්හේලර්’ භාවිතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක නීති යටතේ නිරතුරුව දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago