ශ්‍රී ලංකා

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝට ආයිත් වෙඩි තියලා – තත්ත්වය බරපතළයි !

පාදයකට වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට කිසියම් පුද්ගලයෙකු විසින් නැවත වෙඩි තබා තිබෙනවා.

ඒ, තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී.

පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ අග්බෝ හස්තියාගේ තත්ත්වය බරපතළ බවයි.

පසුගිය ජූනි මාසයේදී බඳින තුවක්කුවකට හසුවීමෙන් අග්බෝ හස්තියාගේ ඉදිරිපස වම් පාදය දැඩි ලෙස හානි වී තිබුණා.

තුවාල සහිත හස්තියා අනුරාධපුර තිරප්පනේ රක්ෂිතයේ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පසුගිය ජූනි මස 12 වැනිදායි.

විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අඩි 10 ක් උසැති අග්බෝ හස්තියා පශු වෛද්‍යවරුන් හා වනජීවී නිලධාරීන් දිවා රෑ නොබලා සිදුකළ ප්‍රතිකාර හමුවේ ක්‍රමයෙන් සුවය ලබමින් සිටියා.

නමුත් පාදයේ අස්ථි බිඳීමක් සිදුව තිබූ බැවින් අග්බෝ හස්තියා සම්පූර්ණ සුවය ලැබීමට කල් ගතවනු ඇති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට කිසියම් පුද්ගලයෙකු විසින් නැවත වෙඩි තබා තිබෙනවා.

මේ වන විට අග්බෝ හස්තියාගේ තත්ත්වය බරපතළ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago