ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝචි නගරයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීමක් සිදු ව තිබේ.
අද (29) උදෑසන සිදු වූ එම පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බව ද වාර්තා වනවා.
එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ, එම ස්ථානයේ පිපිරීම් 03ක් පමණ සිදු ව ඇති බවයි.
පිපිරීම් සිදු වන විට දේවස්ථානයේ බැතිමතුන් 2,000ක පමණ පිරිසක් යාඥා කරමින් සිටි බව සඳහන් වේ.
මෙම ස්ථානයට බෝම්බ රැගෙනවිත් ඇත්තේ, කෑම පෙට්ටියක සඟවාගෙන බවත් එය සැලසුම් සහගත ව සිදු කර ඇති ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවත් පුද්ගලයෙකු තමන් එම ප්‍රහාරය සිදු කළ බව පවසමින් පොලීසියට භාර වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…