කොවිඩ් ව්‍යාප්තියෙන් පසු රටේ මරණවල ක්‍රමික වර්ධනයක් – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි !

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු පසුගිය වසර දෙකක කාලය තුළ දී මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වුවද 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වේ.

2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණය 144,345ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම මරණවල ක්‍රමික ඉහළ යාමට හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර මෙරට තුළ පැවැති කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව මෙම තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තුළ විවිධ මත පැවතිය ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ දක්වාත් වාර්තා වී නොමැත.

ලෝකයේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවෙන් සියයට 15 සිට සියයට 45 දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යාම මේ වන විට දක්නට ලැබෙන ප්‍රවණතාවක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago