ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙලෙස ගැටී ඇත්තේ, විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රිය සහ විසාග් සිට රායිගාද් බලා ගමන් ගත සීඝ්‍රගාමී දුම්රියයි.
සීඝ්‍රගාමී දුම්රිය කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවයි වාර්තා වන්නේ.
අනෙක් පසින් පැමිණි මගී දුම්රිය මෙම දුම්රියෙහි ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්. දුම්රිය දෙකේ මැදිරි මාර්ගයෙන් පිටතට විසි වී ගොස් තිබෙනවා.
එහි සිර වූ පිරිස් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද සඳහන්.
මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 280 ක්.
ගල්ගමුව ප්‍රදේශයේ තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. ඇහැටුවැව මුදියන්නෑගම ගාලයාය…
2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු…
මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ ඊළඟ අගවිනිසුරුවරයා ලෙස…
පානදුර පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අද…