ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ වන පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 87 හැවිරිදි වියේ පසු විය.
ක්‍රිකට් ලෝලීන් ඔහු හැඳින්වූයේ, ‘පර්සි අංකල්’ යන අන්වර්ථ නාමයෙනි.
ඔහු මෙම වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වන උපන්දිනය සැමරූ නමුත් පසුගිය කාලය තුළ ඔහු අසනීපයෙන් සිටි බවට වාර්තා පළ විය.
සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු වෙනුවෙන් රු. මිලියන 5ක මුදලක් ද ලබා දුන්නේ ය.
‘පර්සි අංකල්’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝතම කාලයක් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත් විය.
ඔහු 1979 වසරේ පැවති ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ජාතික ධජය රැගෙන කටයුතු කළේ ය.
1936 වසරේ ජූලි 30 වන දා ඔහු ගාල්ල, බූස්සේදී උපත ලැබී ය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලය, බද්දේගම රතනසාර විද්‍යාලය සහ කොළඹ ඇක්වයිනාස් යුනිවර්සිටි කොලේජ්හි ඔහු අධ්‍යාපනය ලබා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…