ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු කළා.
ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ අධිකරණයට භාරදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ බව ප්‍රකාශ කළා.
ඔහුගේ දේහය මෙම මස 04 වන දින ජාවත්ත සුසාන භූමියේදී භූමිදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේයි.
දේහය අදාළ සුසාන භූමිය දක්වා ගෙනවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බොරැල්ල පොලීසියට නියෝග කර තිබුණා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනෙකු දේහය භූමිදානය කරන ස්ථානයේ රැඳී සිටිය යුතු බවට ද අධිකරණය නියම කළා.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාමට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රකාශයට පත් කිරීමට පෙර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණද මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…