ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් කුප්පි ආනයනය කළ සමාගමේ හිමිකරු අරුණ දීප්තිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට සහ අදාළ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනම් කිරීම ද ඊයේ (31) දිනයේ සිදුකරනු ලැබුවා.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසුවයි.
ඒ අනුව, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර හා අදාළ ඖෂධ මෙරටට ගෙන්වන ලද සමාගමේ අධ්‍යක්ෂ ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’ යන අයට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අදාළ ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, පරීක්ෂණ කටයුතු අවසන් කරන තෙක් මෙම වාරණය පනවන ලෙසයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ අනුකාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබාදී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…