වැඩිවෙන විදුලිබිලට එරෙහිව දිවුලපිටියේ සිට අද (01) ආරම්භ කළ විරෝධතා පාගමන අතරතුර විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදුලිය පාරිභෝගිකයින්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව අනීතික විදුලි බිලට එරෙහිව මෙම පාගමන පැවැත්වුණු අතර ඒ හේතුවෙන් දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණා.
මේ අතර විශේෂ කැරලි මර්දන කණ්ඩායමක් සහ හමුදා භට කණ්ඩායමක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්ද දිවුලපිටිය ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර ඇති බවද වාර්තා වුණා.
පාගමන අතරතුර මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් මෙම පාගමන නීති විරෝධී බව පවසමින් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කළද ඒ බව නොතකා පා ගමන යන පිරිස් ඉදිරියට ගමන් අරඹා තිබුණා.
එමෙන්ම, සංජීව ධම්මික, පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු පිරිසකට පෑලියගොඩ මැනිං වෙළඳපොළ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාළි වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගය හොරගස්මුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට පොලීසිය මැදිහත්වීමෙන් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කර ඇති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව ඇති බවද වාර්තා වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…