ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකික APP එකකින් මෙරට ලක්‍ෂ ගණනක බැංකු කාඩ් ඇතුළු සංවේදී දත්ත Dark Web වෙත?

ශ‍්‍රී ලාංකික ප්‍රධාන පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙරට පුද්ගලයන්ගේ අතිශය සංවේදී තොරතුරු Dark Web වෙත මුදා හැර ඇති බවට සමාජ ජාල වල වාර්තා පල වෙමින් ඇත.

ඒ හරහා ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනාවක විද්‍යුත් ලිපිනයේ පටන් බැංකු කාඩ්පත් අංක දක්වා වූ අතිශය සංවේදී දත්ත මුදාහැර ඇතැයි සදහන්ය.

ඊට ගොදුරු වූ බව පැවසෙන පිරිස් විසින් සමාජ ජාල වෙත මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සටහන් තබා තිබෙනු දක්නට ලැබුනා.

Google One සේවාව හරහා තමන්ගේ දත්ත Dark web වෙත පිටවී ඇතිදැයි පරික්ෂා කිරීමේදී මෙම දත්ත පිටවීම පිලිබඳ සටහන් වන බවද සමාජ මාධ්‍ය වාර්තා වල කරුණු සටහන්ව තිබුණා.

මිට වසරකට පෙර ද අදාළ සමාගමට ම දත්ත පිටකිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ අතර, මේ වන තෙක් ඊට ද කිසිදු ප්‍රතිචාරයක් සමාගම විසින් දක්වා තිබුනේ නැහැ.

වාර්තා වලට අනුව අදාළ සමාගම සතුව මෙරට පුරවැසියන්ගෙන් හරි අඩක ප්‍රමාණයක (මිලියනයක) දත්ත පවතින බවට තහවුරු වනවා.

කෙසේ නමුත් මෙතෙක් අදාල සමාගම ඒ ගැන පැහැදිලි කිරීමක් කර නැහැ.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago