ශ්‍රී ලංකා

ONMAX DT නිසා අනාථ වූවන් ගේ සංගමය විරෝධතා පා ගමනකින් කොළඹ වැටලීමේ සුදානමක් !

ONMAX DT ආයතනය තුළ මුදල් ආයෝජනය කළ භාරලක්ෂ පනස් දහසකගේ, රුපියල් කෝටි 3000කට වැඩි මුදලක් වංචා කල ආයතන ප්‍රධානීන්ට රටින් පැන යෑමට උත්සාහ කරමින් සිටින බව ONMAX DT අනාථ වූවන් ගේ සංගමයේ කැඳවුම්කරු ඩබ්ලිව් එස් දුමින්ද කුමාර පවසනවා.

ඔන්මැක්ස් ආයතනයෙහි මුදල් ආයෝජනය කළ ලක්ෂ හතරහමාරක් දෙනා ඒකරාශි කරගනිමින් විරෝධතා පා ගමනකින් කොළඹට ඒමට සූදානම්ව සිටින බවයි ඔහු සඳහන් කොට සිටියේ.

එම ආයතනයේ ප්‍රධානීන් දේශපාලන රැකවල් මත අධි ආරක්ෂිත කලාපයේ සැඟව සිටින බවත් එම නිසා ඔවුන් සමග කතා කිරීමට හෝ අවස්ථාව නොලැබී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

තැන්පත්කරුවන් බොහෝ ප්‍රධානීන් සොයා නිවාස වලට ගියද ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ONMAX DT අනාථවූවන්ගෙන් සංගමය සම කැඳවුම්කරු සඳහන් කර සිටියේ මෙවැනි අදහසක්.

ලක්ෂ හතර හමාරක පමණ පිරිසක් මේ විදියට මුදල් ආයෝජනය කළේ දහස් ගනන් කැඳවලා හෝටල් වල ප්‍රසිද්ධ දේශන පවත්වමින් ඔවුන් අපිට විස්වාසය ඇතිකර නිසා. ඒ දේශන වලදී කිව්වේ අපෙන් ගන්න මුදල්වලින් ජෝර්ජියාවේ ආයෝජනය කරලා කියනවා. ලෝකේ ඉකොනොමික් සයිට් වල ආයෝජනය කරලා තියෙනවා, ඉස්සරහට ෆුඩ්සිටියෙන් බඩු ටික ගන්න පුළුවන් පැත්ත හදලයි කිව්වා. වැලි කාන්තාරවල ප්‍රොජෙක්ට් කරලා තියෙනවා කියලා පෙන්නුවා. රත්තරන් බිස්කට් අරගෙන ලෝකෙ රත්‍රන් මිල අධිකම බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. ක්‍රිප්ටො කරන්සි වල ලොකු ඉන්වෙස්මන්ට් කරලා තියෙනවා කිව්වා. ඉතින් ඒ ඔස්සේ අපි විශ්වාස කළා. මොකඳ ගොඩක් රාජ්‍ය නිලධාරීන් පවා මේක ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම බලධාරියෙකු අපිට ඔන්මැක්ස් ඩීටී සල්ලි ආයෝජනය කරන්න එපා කියල කිව්වෙ නෑ.

යන්නයි.
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago