අමෙරිකාවට බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක්? FBI අධ්‍යක්ෂකගෙන් අනාවරණයක් !

ඊශ්‍රායල – හමාස් යුද්ධය, මීට දසවසරකට පෙර ISIS වෙතින් පැවැති තර්ජනයට පසු අමෙරිකා එක්සත් ජනපදයට වඩාත්ම බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් මතු කරන බව FBI ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්රේ (Christopher Wray) පවසයි.

එක්සත් ජනපද සෙනේට් මණ්ඩලයේ ස්වදේශීය ආරක්ෂක හා රාජ්‍ය කටයුතු කමිටුව ඉදිරියේ ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකා එක්සත් ජනපදයට වර්තමානයේ පවතින ආරක්ෂක අවදානම් පිළිබඳව කරුණු දක්වමිනි.

අමෙරිකානු FBI ඔත්තු සේවාවේ අධ්‍යක්ෂවරයා එහිදී කියා සිටියේ, ගාසා තීරයේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම්ආරම්භ වීමෙන් පසු අමෙරිකානුවන්ට සහ බටහිර වැසියන්ට ප්‍රහාර එල්ල කරන ලෙස විදේශීය ත්‍රස්තවාදී සංවිධාන රැසක් සිය අනුගාමිකයන්ට උපදෙස් ලබාදී ඇති බවය.

එමඟින් අමෙරිකාව තුළින්ම ප්‍රචණ්ඩ අන්තවාදීන් මතුවිය හැකි බවට FBI අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා සිටියේය. මීට දසවසරකට පෙර ISIS සංවිධානය මැදපෙරදිග ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීමට උත්සාහ දැරූ සමයේදී ත්‍රස්ත ප්‍රහාර සඳහා අනුගාමිකයන් දිරිගැන්වුවාට සමාන බලපෑමක් හමාස් සංවිධානය සහ ඔවුන්ගේ අනුගාමික සංවිධාන දැන් සිදුකරන බව FBI අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ගාසා සටන් ඇරඹීමත් සමග අමෙරිකා එක්සත් ජනපදයේ යුදෙව්වන්, මුස්ලිම්වරුන් සහ අරාබි – අමෙරිකානුවන්ට එල්ල වන තර්ජන ඉහළ ගොස් ඇති බව අමෙරිකානු රජයේ නිලධාරීන් ප්‍රකාශ කරයි. FBI අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියාසිටියේ, විදේශයන්හි අමෙරිකානු හමුදා කඳවුරු වෙත ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර සංඛ්‍යාව ද ගත වූ මාසය තුළ ඉහළ ගොස් ඇති බවය.

ගැටුම් තවදුරටත් පැවතුනහොත් අමෙරිකා එක්සත් ජනපදයට ඉරානයෙන් සහ වෙනත් රාජ්‍ය නොවන කණ්ඩායම් වෙතින් එල්ලවන සයිබර් ප්‍රහාර උත්සන්න වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් ආරම්භවීමෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ යුදෙව් ශිෂ්‍යයන් වෛරී තර්ජනවලට ලක්වීම ද ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු විශ්වවිද්‍යාලවල මෙම තත්ත්වය දක්නට ලැබීමත් සමග යුදෙව් ශිෂ්‍ය කණ්ඩායම්වල ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ධවල මන්දිරය සංවිධාන කළ පරිගණක වෛරය පිළිබඳ සමුළුවක දී අමෙරිකානු නීතිපති මෙරික් ගාලන්ඩ් කියා සිටියේ, හමාස් සංවිධානයේ මූල්‍ය ප්‍රවාහනයේ මුලාශ්‍ර පිළිබඳව ඊශ්‍රායලය සිදුකරන විමර්ශනවලට සහායවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

එහිදී ක්‍රිප්ටොකරන්සි නැත්නම් අතත්‍ය මුදල් ආකාරයෙන් හමාස් සංවිධානයට මුදල් ලැබෙන්නේ ද යන්න ද පරීක්ෂාවට ලක් වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago