ශ්‍රී ලංකා

තවත් සීනි බදු වංචාවක් – රුපියල් 50ක තවත් බදු එකතු කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්, සීනි මෙට්‍රික්ටොන් 18000ක් ගැසට්ටුවට පෙර රේගුවෙන් එලියට !

මෙරට සිටින මහා පරිමාණ සීනි ආනයනකරුවෙකු මීට දින කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු නෞකාවක් කොළඹ වරායට ගෙනවිත් තිබෙන බව අතර, අදාළ නෞකාවේ තිබුණු සීනි මෙට්‍රික් ටොන් 18,000 මේ වන විට වරායෙන් එළියට ගෙන අවසන් වෙමින් තිබේ, එවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි සීනි සඳහා රුපියල් 50ක බද්දක් නියම කර තිබෙනවා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊයේ (1) නිකුත් කර තිබෙනවා.

මේ අනුව අදාළ බද්ද සීනි මෙට්‍රික් ටොන් 18,000 මෙරටට ආනයනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට බල නොපාන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර අපේ රටේ වාර්තා වූ මහා පරිමාණ සීනි බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා ම මෙම සීනි තොගය මෙරටට ආනයනය කර ඇති බවට රේගු ආරංචි මාර්ග සැක පල කරනවා.

අදාල ව්‍යාපාරිකයා සීනි මෙට්‍රික් ටොන් 18,000 ආනයනය කර අවසන් වූ පසුව රජය විසින් මෙම රුපියල් 50ක බද්ද නියම කිරීමෙන් පෙනී යන්නේ අදාළ සීනි ව්‍යාපාරිකයා සහ රජයේ ඉහළ ප්‍රධානීන් අතර තිබෙන සම්බන්ධතාවය බවයි අපට තොරතුරු දුන් මෙරට ප්‍රධාන ආනයනකරුවන් කිහිප දෙනෙකුම පැවසුවේ.

මේ අනුව හෙට අනිද්දා වන විට ම මෙරට සීනි මිල නව බද්දත් සමඟ රුපියල් 50කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති.

එමගින් මෙම සීනි තොගය ආනයනය කළ ව්‍යාපාරිකයාට විශාල ලාභයක් උපයා ගැනීමට ද හැකි වන බවයි වාර්තා වී ඇත්තේ.

එළැඹෙන අයවැයෙන් කිසියම් වූ සහනයක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට අයවැයට පෙරම මෙවැනි බදු පැනවීම හරහා බරපතළ පීඩාවක් රජය විසින් ඇති කරන බවයි මේ පිළිබඳව තොරතුරු ලබාදුන් මෙරට ප්‍රධාන පෙළේ ආහාර ආනයනකරුවන් කිහිපදෙනෙකුම සඳහන් කළේ.

වැඩි කල සීනි බද්දට අදාළව ජනපති අනින් නිකුත් කල නිවේදනය පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago