සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරවී සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ, ජනතාවට පිටවීම සඳහා පළමු වතාවට රෆා හරස් මාර්ගය විවෘත වීමත් සමඟයි. ඒ සමග 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගිය බවයි විදෙස් වාර්තා පවසන්නේ.
විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකුට මේ වනවිට පිටව යාමට හැකි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.
ගාසා භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද සිටින බවයි නිලධාරීන් පැවසුවේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ හරස් මාර්ගය විවෘත කිරීම “දැඩි සහ හදිසි රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවයි.
මේ වනවිට ගාසා හි දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බව සේවා සැපයුම්කරු පවසනවා.
BBC ලෝක සේවය සිකුරාදා සිට දිනපතා පස්වරු තුනට කෙටි සංඛ්‍යාතයකින් ගාසා තීරය සඳහා හදිසි ගුවන් විදුලි සේවාවක් දියත් කරන බවත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ තම පුරවැසියන් 20 දෙනෙකු රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයෙන් පිටව ගිය බවයි.
ඔස්ට්‍රේලියාවේ සහකාර විදේශ කටයුතු අමාත්‍ය Tim Watts පවසා ඇත්තේ තවමත් ගාසා තීරයේ සිටින ඕස්ට්‍රේලියානුවන් 65 දෙනෙකු පිළිබඳව රජය දැනුවත් බවයි.
ඔක්තෝබර් 7 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400 ක් ඝාතනය කළ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව, ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම ආරම්භ කළා.
ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…