ක්‍රිකට්

World Cup 2023 – ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා තරගය අහිමි වෙයි, ශ්‍රී ලංකා කණ්ඩායමේත් එක් වෙනසක් !

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (2) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගයකට එක්ව ඇත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීයී.

මෙවර ලෝක කුසලානයේදී එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව දැනට තරගාවලියේ තරග 06 කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ ‌තරග දෙකක් පමණයි.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනසක් සිදුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙනුවට අද තරගයට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන මීළග තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පසුගිය 19 වැනිදා පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග අද (2) පැවැත්වෙන තරගය හා දකුණු අප්‍රිකාව සමග එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිත තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදීයි පාන්ඩ්යා ආබාධයකට මුහුණ දුන්නේ.

ඔහු විසින් එම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වූ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය සිදු වුණා.

ආබාධය හේතුවෙන් පසුගිය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර, පසුගිය 29 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ඔහුව ක්‍රීඩා කරවීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත්, පාන්ඩ්යාට එම තරගය ද අහිමි වුණා.

Ceylon News Factory

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

28 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 hour ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

6 hours ago