ක්‍රිකට්

World Cup 2023 – දරාගත නොහැකි අවමන් සහගත පරාජයකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි (PHOTOS)

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 302 විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 55 වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින්.

තරගය පැවැත්වුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා.

ඊට නිසි පිළිතුරු දුන් ඉන්දීය ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 14ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12ක්ද, මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 12 ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන්දීය පන්දු යවන්නන් විසින් ලකුණු 10ක් අතිරේක ලකුණු ලෙස ලබා දුන්නා. මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

Ceylon News Factory

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න -වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

13 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 hour ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago