පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදි පිළි වෙළෙඳසැලක පසුගිය 27දා ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලද තරුණියක් අද (03) කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ගින්නනට හසුව බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවය.
මෙසේ මියගොස් ඇත්තේ වටවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක් බව සඳහන් වෙයි.
මෙම ගින්නෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක පිහිටි රෙදිපිළි අලෙවිසලක පසුගිය 27දා පෙරවරු 09.30ට පමණ මෙම ගින්න හටගෙන තිබුණේ වෙළෙඳසල විවෘත කර මඳ වේලාවකින් පසුය.
පසුව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් 45 දෙනෙක් සහ ගිනි නිවීමේ රථ 11ක් එක්ව කළ මෙහෙයුමින් පැය 02ක් තුළ ගින්න පාලනය කර ගින්නට කොටු වූ සේවක පිරිස මුදා ගැනීමට හැකි විය.
පොලිසිය පැවසුවේ උදෑසන වෙළෙඳසල විවෘත කර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…