ශ්‍රී ලංකා

බැඳුම්කර වංචා නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි !

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනකු නිදොස්කොට නිදහස් කරමින් ලබාදී තිබූ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන කළ කරුණු දැක්වීම් සලකා බැලූ, මුර්දු ප්‍රනාන්දු, පී. පද්මන් සූරසේන, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළා.

විශේෂ මහාධිකරණ අභියාචනාධිකරණය විසින් ලබාදී තිබු පෙර කී නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ අභියාචනාව ලබන වසරේ පෙබරවාරි 5 වැනිදා විභාග කිරීමට නියම කෙරුණා.

එම නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය, එම තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනම් නියෝගයක් නිකුත් කළා.

2015.02.27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් මිලියන 688 ක් සාවද්‍ය පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්, පර්පෙචුවෙල් ට්‍රේෂරිස් සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් හා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති පත්තිනිගේ සමරසිරි ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබුණා.

පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම භෞතික පුද්ගලයකු නොවන බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සලකා බැලූ, අමල් රණරාජා. නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාවලින් එම විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබූ අතර සෙසු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago