ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ සත් පුද්ගල අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් දින 14ක තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පැවති ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අහෝසි කරමින් සත් සාමාජික අතුරු පාලක මණ්ඩයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩා පනතේ ඔහුට හිමි බලතල ප්රකාව ඊයේ පත් කරනු ලැබුවේය.
අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් සාමාජිකයෝ වූහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…