සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිඳු රටක පුද්ගලයෙකුට අවස්ථාව හිමි නොවේ.
මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ.
සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ නම්, එරටින් පිටවී යලි රැකියා වීසා පතක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතුවේ.
බොහෝ ශ්‍රි ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ඕමානයේ රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම් ශ්‍රි ලාංකිකයින් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තා විය.
ඉහත තීරණය අනුව සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබා ගැනීමට හා රැකියා වීසාපතකට පරිවර්තනය කිරිමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතනොවන ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ට දන්වා සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…