රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය” වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත.
මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා තාක්ෂණික සහය Institute of Politics ආයතනය වෙනුවෙන් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා සහ සංජීව විමලගුණරත්න මහතා විසින් 2022 වසරේදී ලබා දී තිබුණ අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පසුබිම සැකසීම සඳහා සත්‍ය ගවේෂී සංවිධානයද මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා වෙත සිය සහය ලබා දී තිබුණි.
පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරමින් තරුණ නියෝජනය තහවුරු කිරීමට දොළවත්ත මන්ත්‍රීවරයා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය තරුණ සංවිධාන ගණනාවක් විසින් මේ වනවිට ප්‍රසාදයට ලක් කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…