රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක් ඝාතනය කරයි !

රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක් ඝාතනය කර ඇති පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වී තිබෙනවා.

‘ඩොන්ග්ගොසියොන්’ කෘෂිකාර්මික අපනයන සංකීර්ණයට අයත් බෙදා හැරීමේ ගුදමක සේවයේ යොදවා සිටි රොබෝ යන්ත්‍රයක් බෙල් පෙපර් අඩංගු පෙට්ටි ඔසවමින් සිටිය දී ගුදමේ කටයුතු නිරීක්ෂණය කරමින් සිටි සේවකයකු පෙට්ටියක් යැයි වරදවා හඳුනාගෙන ඇති අතර, අතකින් අදාළ සේවකයාගේ සිරුරේ උඩු කොටස පෙට්ටි ගමන් ගන්නා යන්ත්‍රයකට තල්ලු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වූ සේවකයකු බවටයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස යන්ත්‍රය වෙත තල්ලු කර ඇති සේවකයා යන්ත්‍රයේ පටියක, මුහුණ හා පපුව ගැටීමෙන් දරුණු තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago