ගහක් සිටුවන්න කෙන්යානු රජයෙන් සඳුදා විශේෂ නිවාඩුවක් – 2032ට ගස් බිලියන 15 ක් !

දැවැන්ත රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමට කෙන්යානු රජය සූදානම්ව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක මෙම වැඩසටහන එරට ජාතික මට්ටමින් සිදුවන්නක්.

ඒ අනුව සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙස කෙන්යානු රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එදින සෑම කෙනකුම එම රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය යුතු බවත් සඳහන්.

දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම්වලින් රට බේරාගැනීමට දරන මෙම උත්සාහයට ජාතියට දක්වන දේශප්‍රේමී දායකත්වයක් ලෙස සලකා සියල්ලන්ගේම සහභාගීත්වය ලබාදෙන ලෙසයි එරට රජය අවධාරණය කර ඇත්තේ.

මෙම වැඩසටහන කෙන්යාවේ භූ දර්ශන සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහනේ කොටසක් වන අතර එය 2032 වසර වන විට ගස් බිලියන 15 ක් වගා කිරීම හා පෝෂණය කිරීම අරමුණු කරයි.

ඒ අනුව විනාශ වූ භූ දර්ශන සහ පරිසර පද්ධති හෙක්ටයාර් මිලියන 10.6 ක් ප්‍රතිස්ථාපනය කිරීම සහ සංරක්ෂණය කිරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත රුක් රෝපණ වැඩසටහන සඳහා ජාතික ස්ථානයක් සහ ප්‍රාන්ත ස්ථාන 47 ක් ක්‍රියාත්මක බවත් සඳහන්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව 1990 සහ 2010 අතර කෙන්යාවේ වන ආවරණය 12% සිට 6% දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ.

මැයි මාසයේදී, කෙන්යාවේ වසර 40කට පසු රට තුළ ඇති වූ දරුණුතම නියඟයෙන් පසුව නරක අතට හැරුණු මිනිස් – වනජීවී ගැටුම් පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago