බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන්කිරීමට අයවැය 2024 (Budget 2024) යටතේ යෝජනා කර තිබෙනවා.
රාජ්‍ය බැංකු දෙකෙහි අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබාදිය යුතු බවට මෙවර අයවැය මගින් යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළක්වීම සඳහා ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති පැනවීමට පියවර ගන්නා බවද ජනපති පවසයි.
මේ අතර තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරන බවද ජනපති පවසයි.
බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති බවත් එය 2024 වර්ෂයේ මුල් භාගයේදී සම්මත කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…