ශ්‍රී ලංකා

Budget 2024 – අය වැය අද, අය වැය කාලයේ පාර්ලිමේන්තුවේ සැලසුම කුමක් ද?

2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භ වේ. මෙම මස 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අය-වැය දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම 21 වැනි අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත වේ.

ඉන් පසුව අය-වැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවන වර කියැවීම 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට නියමිතය.

මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය. අය-වැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න් සෑම දිනකම පස්වරු 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

2024 සඳහා වන අය-වැය ඉදිරිපත් කරන අද (13) දිනයේ දී පාර්ලිමේන්තුව තුළ හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද යොදා ඇත. අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (13) දිනයේ දී මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු රථගාල අද දිනයේ දී වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත. මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේ දී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවා ඇත.

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් අද (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබිණි.

කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවත්, ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා ඇති බව ද ඔහු පවසයි.

මෙතෙක් කළක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නොමැති බවත්, සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කළ බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම 2024 අයවැය විවාදය Ceylon News Factory Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීම ද සිදුවනු ඇති.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago