ශ්‍රී ලංකා

Budget 2024 – රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ඉහළට, ක්‍රියාත්මක වන දිනය මෙන්න !

රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ජීවන දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2024 අයවැය (Budget 2024) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ඒ අනුව ඔවුන්ට ලැබෙන දීමනාව රුපියල් 17,800 දක්වා ඉහළ යනු ඇති.

මෙම වැටුප් වර්ධනය අප්‍රේල් මාසයේ සිට ක්‍රියත්මක අතර ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වූ හිඟ ජීවන වියදම ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් එකතු කිරීමට නියමිතයි.

මේ අතර පවතින විශ්‍රාම වැටුප රුපියල් 2,500කින් ඉහළ දමන බව ද අයවැය යෝජනාවක් ලෙස දිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව රුපියල් 3,525 ක් ලෙස පැවති විශ්‍රාම වැටුප රුපියල් 6,025 ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා. එය ලබන වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන බව ජනපති සඳහන් කළා.

එසේම මෙවර අයවැය හරහා රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීමද සුපුරුදු පරිදි ආරම්භ කරන බව 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර වැඩිහිටි දීමනාව ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ඉහළ යනු ඇත.

එසේම ආබාධ සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago